Tuesday, April 18, 2017

ඉරවැඳුම !

ලංකාවේ නැටුම් කලාව කියන්නේ මුලු ලෝකය ඉස්සරහම ශ්‍රී ලාංකික අපිට ආඩම්බරයෙන්, අභිමානයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රසාංගික කලාවක් බව අවිවාදිතයි.

එක්සත් අරාබි එමීරය වගේ ලෝකයේ හැම ජාතියකම මිනිසුන් ජීවත් වෙන රටක දී ඒ ප්‍රසාංගික කලාව ඉදිරිපත් කරන්න ලැබෙන එක අභියෝගයක්.

ඒ වගේම අපේ අන්‍ය ජාතික හිත මිතුරන් රැගෙන ගිහින් අපේ සංස්කෘතියේ, කලාවේ තරම "ලෝක සිතියමේ පුංචි තිතක් වගේ තියෙන ඒ රටේ කලාවේ අපූර්වත්වය මෙන්න" කියලා පෙන්වන්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්.

දක්ෂ පළපුරුදු ගුරුවරියන් දෙදෙනෙකු මෙහෙයවන ඩුබායි නගරයේ සරසවි රංගායතනය ඒ අභියෝගය ජයගන්න සූදානම් වෙමින් ඉන්නේ.

සරසවි රංගායතනයේ නැටුම් කලාව හදාරන, එක්සත් අරාබි එමීරයේම ජීවත්වන අපේම දූ දරුවන් ගේ නර්තන කල එළි මංගල්‍යක් "ඉරවැඳුම" නමින් පවත්වන්න කටයුතු සියල්ල සූදානම්.

අප්‍රේල් මස (මේ මාසේ) 28 වෙනි සිකුරාදා දින, සවස 6.30හේ සිට, ඩුබායි නගරයේ ජුමෙයිරා හි එමිරේටෙස් ඉන්ටර්නැෂනල් පාසැලේ ශ්‍රවණාගාරයේ දී තමයි මේ "ඉරවැඳුම" ප්‍රසංගය පැවැත්වෙන්නේ.

එමීරයේ අපේම දූදරුවන්ගේ දස්කම් අගය කරන්න, ඔවුන් දිරිමත් කරන්න එමීරයේ ජීවත්වෙන ඔබ සියලු දෙනාට කෙරෙන කාරුණික ආරාධනයයි මේ !

ප්‍රසංගයේ ටිකට් පත් ඩිරාහ්ම්ස් 150, 100, 75 යන මිල ගණන් වන අතර, ප්‍රසංගය අවසානයේ කිසියම් ලාභයක් වෙතොත් ඒ මුදල් ශ්‍රී ලාංකාවේ ජීවත්වෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ලබා දෙන බව සංවිධායක මණ්ඩලය දැනුම් දී ඇත.

6 comments:

  1. හොඳ වැඩක්. දුකාත් මේකට සම්බන්ද වෙනවද ? ගිය වතාවේ දුකා ප්‍රමුඛ කණඩායමක් නටපු අර ලස්සන නැටුම මතක්වුණා මේක කුයවද්දි. වැඩසටහන සාර්ථක වෙන්න කියා සුභ පතනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. නෑ නෑ දුමී.

    මම සයිඩ් සපෝටර් කෙනෙක් විතරයි.

    මේ කලායතනේ ටීචර්ලා දෙන්නා මට (මගේ ඉල්ලීමට මගේ මිතුරන් කීපදෙනෙක්ට) පුද්ගලිකවත් අපේ ප්‍රමාන සමීක්ෂක සන්ගමයටත් බොහෝ උදව් උපකාර කරපු දෙදෙනෙක්.

    ඒ නිසාත්, අපේ ම මිතුරු මිතුරියන්ගේ දූ දරුවෝ මේ කලායතනේ ඉගෙන ගන්න නිසාත්, නැටුම් කලාවට මම බොහෝම ආදරේ කරන කෙනෙක් නිසාත් උදව් කරන්නේ

    (අපි සෙට් එකක් ඉස්සර හවුල් බ්ලොග් එකක් ලිව්වා තුන්පත් රටා කියලා - මගේ බ්ලොග් රෝලේ යටම තියෙනවා ඒක)

    ReplyDelete
    Replies
    1. තිර අදිටනින් හදවත් හැම සවි වේවා
      සිර වූ රංග හැකියාවන් නැංවේවා
      ගිර මුදුනටම ආ හිරු රැස් බැබළේවා
      ඉර වැඳුමකට සුභ පතනෙමි ජයවේවා......

      ජයවේවා!!!

      Delete
  3. හරිම හොඳ වැඩක්. සාම්ප්‍රදායික නැටුම් වෙන්න ඇති නේද? මමත් හරිම ආසයි

    ReplyDelete
  4. මමත් සාම්ප්‍රදායික නැටුම් ඉගෙන ගත්තා.හැබැයි නටන්න බැහැ පොළව ඇදයි.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails