Thursday, April 13, 2017

කන්ද උඩින් ටිලින් ටිලින් !

එදාත් අද වගේ අප්‍රේල් 13 වෙනිදාවක්.

මම හිටියේ හෝමගම සුපර්මාකට් එක ඉස්සරහා සිල්ලර බඩු කඩේක එලිපත්තේ.

අම්මා කඩේ ඇතුලේ බඩු ගන්න ගමන්.

එලිපත්තට ගහපු වහලේ මුක්කුවක් වෙච්චි යකඩ කනුවට හේත්තුවෙලා මම බුම්මගෙන උන්නේ "මොන මළ වදයක්ද මන්දා" කියලා තරහින්

"බෑ බෑ" කියලා මඟහරින්න හැදුවත් "මට ඔක්කෝම උස්සන් එන්න බෑ බූරුවෝ තෝත් වර" කියලා ආදරෙන්, අවුරුද්දට බඩු ගන්නය කියලා අම්මා මාවත් ඇදන් අවේ මේ කඩේට.

"ක්‍රීක් ක්‍රීක්" ෆෝන් ස්ක්‍රීන් එකේ "ගීත්" කියලා පෙන්නනවා (ඔව් ඔව් ඒ කාලේත් සී.එල්.අයි තිබ්බා)

"හලෝ හලෝ . . මචං ගීත් . . හලෝ හලෝ"

මොකෝ මේ සද්දයක් නැත්තේ

"මචං ගීත් හලෝ හලෝ මොකද xxතෝ සද්දයක් නැත්තේ"

කට් කරලා ආයේ ගන්නවද?

"කන්ද උඩින් ටිලින් ටිලින්"

ඈහ් මොකෝ මුගේ නහයට උනේ

"කන්ද උඩින් ටිලින් ටිලින්
කන්ද උඩින් හඳ පායන ලීලා . .
ලන්ද කොනේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්ඩ තමා ටිලින් ටිලින්
එන්ඩ තමා  බක්මහ ලංවීලා "

මූ නහය මුක්කන් කරගෙන මුලු සිංදුවම කිව්වා කියහන්කෝ.

මම යකඩ කනුව බදාගෙන දෙකට නැමිලා බක බක ගගා හිනාවෙනවා.

කඩේ උනුයි පාරේ යන උනුයි මදිවට පාස් වෙන බස් වල යන උනුත් සීට් වලින් නැගිටලා හිටන් බලනවා (මට පේනවා ඇස් කොනින්) මොකද යකෝ මූට වෙලා තියෙන්නේ, අසනීපයක් වත්ද කියලා.

"මේ හොල්මන කොහේද බන් මෙච්චර කාලයක් හැංගිලා හිටියේ" ඌ ලයින් එක කට් කලා.

ගීත් කියලා මම කියනව ඇහිලද මන්දා අම්ම පැත්ත වත් බලන්නේ නෑ.

විනාඩි 10ක් විතර යනකම් මට හිනාව නවත්තගන්න බෑ

මිනිස්සු තාම තක්බීර් වෙලා බලන් ඉන්නවා!

සිරාවට අවුරුදු කාලේ වෙනකම් අමිතා වැදිසිංහ කොහේද ඕයි හැංගිලා ඉන්නේ !

https://youtu.be/tiV4SSq7VEQ

10 comments:

  1. තිත්ත උනත් ඇත්ත කතාව....

    අමිතා වැදිසිංහ විතරක් නෙමේ.... ලයනල් රංවල, රෝහණ බැද්දගේ වගේ තව සෙට් එකක්ම ඉන්නවා....

    ReplyDelete
  2. කන්ද උඩින් හඳ පායන ලීලා
    නින්ද නොමැති රැයකදි කන්දීලා
    බැන්ද මමත් ගීයට පෙම් මාලා
    මන්ද නැත්තෙ ඒ ගී රැව්දීලා.....

    දුකා. මාත් කැමතිම ගීතයක්. ඒත් අවුරුද්ද්ට කොහා එනව වගේ මේ අපූරු කලාකාරයින් ඒ ගීත එහෙම අප අතරට එන්නේ කාලෙකින්. ස්තූතියි මේ මතක් කිරීමට.

    ජයවේවා!!!

    ReplyDelete
  3. 1000ක් යාලු වෙලා.

    ReplyDelete
  4. ඒක ඇත්ත... අව්රුද්දට විතරක් කල එලි දකින කීදෙනෙක් නම් ඉන්නවාද.... ඒත් ඒක නෙවෙයි වෙන්න ඕනෙ...

    ශ්‍රී සුභ නව වසරක් දුකාටත්..

    ReplyDelete
  5. යාලූ වුණ 1000ට සුභ පැතුම් වගේම..
    සිරි සුභ අළුත් අවුරුද්දකුත් වේවා.....

    ReplyDelete
  6. අවුරුද්දටවත් ඔය ඈයො එළියට බහින මදැයි.

    දුකාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  7. ලයනල් රන්වලත් ඔහොම නේද? ඇයි කොහා? ඌ අඬන්නේත් අවුරුදු කාලෙට විතරයි නේ. මේගොල්ලොත් ඉතින් කොහා ලා වගේ තමා :)

    ReplyDelete
  8. සුභ අලුත් අවුරුද්දක් දුකා අයියා..සිත තුටින් බරවන පැතු පැතුම් ඉටුවන ඉසුරුබර අවුරුද්දක් වේවා...!!!🌞🌞🌝🌝

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා දුකා...

    ReplyDelete
  10. මොනා වුනත් අපූරු යාළුවෙක් නෙව
    වාදනෙත් සපය ගෙනමයි සිංදුව කියල තියෙන්නෙ

    සුබ අලුත් අවුරුද්දක් වේවා දුකා

    ජයවේවා!!!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails