Tuesday, October 11, 2016

ඉතින් අවසරයි !


ප්‍රිය සබඳ
වසර ගනනක් යොදුන් ගනනක්
තුටින් එක මඟ 
එකට ආ බව සැබවි
ඉදිරියටද එකම දිශානතියට 
යා යුතු වුව
එක මඟ එකට යන්නට 
නොරිසි වෙනවා වන්නට පුලුවන
පැවසිය නොහැකි හෙලිකල නොහැකි 
හේතු බොහොමයක් 
තිබෙනවා වන්නට පුලුවන
අතරමඟ හමුවූ 
තවත් ළබැඳියන් සමඟ
නවමු හැඟුමින් වෙන මඟක 
යන්නට සිතුවාට කම්නැත
අත අත නෑර සිටිය යුතුමයැයි
නියමයන් නැති බව දනිමි
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික කිසිවක් 
නොමැති බවත් දනිමි
එනමුඳු 
මිහිරි යටගියාවේ නාමයෙන් වත්
හද දොර කවුලු 
සෙමෙන් වසා යනවානම් යෙහෙකි ....!



එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ (SLQS-UAE) 2016 මධ්ය ගිම්හාන සුහද හමුව වෙනුවෙන් නිර්මිත සමරු කලාපය වෙනුවෙන් ලියූ නිසඳැස

18 comments:

  1. හැමදේම සදාකාලික නෑ කියළා දැනගත්තත් ළඟින් සිටි කෙනෙක් ඈත් වෙද්දී දුක දරාගන්න අමාරුයි දුකා...
    හිතට දැණුනු නිසඳැසක් බං.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ බන්. කිසි දෙයක් සාදාකාලික නෑනේහ් කියලා හිත හදාගන්නවා මිසක්

      Delete
  2. ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සේවයේ භාවිතා කෙරෙන්නේ මොන ක්ෂෙත්‍රවලද ?

    ReplyDelete
    Replies
    1. Quantity Surveyor කිව්වා නම් තේරෙනවා මම හිතන්නේ.
      මේක ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියාවක් සෙන්නා.

      //A quantity surveyor (QS) is a professional working within the construction industry concerned with construction costs and contracts. Services provided by a quantity surveyor may include: Cost planning and commercial management throughout the entire life cycle of the project from inception to post-completion.// wikipedia

      Delete
  3. බොහොම දුරට හැඟුම්බර නිර්මාණයක්. කියන්න අවශ්‍යම දේ සාර්ථකව ප්‍රකාශවී තියනවා.

    ReplyDelete
    Replies
    1. ටිකක් රෝ වගේ තමා ඒත් මම ගොඩක් වෙලාවට රෝ කියලා දන්න කැමතියි

      Delete
  4. උඹලගේ සංගම් කීයක් තියේද ඔහේ??

    ප්‍රමාණ සමීක්ෂකයෝ කියන්නේ බ්ලොග් ලෝකෙට අරක් ගත් බහිරවයන් පිරිසක්.. හැක් හැක්.. නැද්ද මං අහන්නේ?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන උන් නම් ඉන්නේ බොහෝම සුලු පිරිසක් බන්. කියවන උන් නම් ඉන්නවා ගොඩක් මම හිතන්නේ

      Delete
  5. හ්ම්ම් හදෙහි දොරගුළු සෙමෙන් වසන්න.....ඒත් අමතක නොකර කෙදිනක හෝ වසා නික්මෙන්න

    ReplyDelete
    Replies
    1. හද ඩොර සෙමෙන් වසන්න කෑල්ලට මම හරි කැමතියි බන්. අර සින්දුවක් තියේ අහලා තියෙනවාද "වසා යන්නකො හද දොර සෙමින් - මගේ හැඟුම් තව නොරිදමින්, කොහි යම්ද මා ඔබගේ පෙමින් - බැඳී උන් ආලේ නමින්"

      Delete
  6. සමහරු යන්නෙ උළුවහු ගැලවෙන්න දොර වහල බන්.. අනිත්‍ය දහමට මුළු විශ්වයම යටයි දුකා.. ඒ නිසා අහිමිවෙන දේවල් ගැන හිතන එක තේරුමක් නෑ.. මේ දීර්ඝ සංසාරෙ අපි කොයිතරම් නම් බැඳීම් අතැරලා ඇවිත් ඇතිද.. නිර්මාණය ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. එහෙම උලුවහු ගැලවෙන්න වහල යද්දී තම බන් හිතට දුක. යන එක නම් ඉවසන්න පුලුවන් ඒත්

      Delete
  7. ලස්සන නිර්මාණයක්.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails