Saturday, August 31, 2013

ඉෂාන්

ඉෂාන් ධම්මික අබේරත්න ගැන මම මුලින්ම දැන ගත්තේ සිරාගේ කාමරේ බ්ලොග් එක ලියන සංජීව සිරිවර්ධන මල්ලීගේ මෙන්න මේ බ්ලොග් පෝස්ට් එකෙන්.


ඒ ලිපියේ මේ කොටස මගේ හිතට තදින්ම වැදුනා.

“අයියෙ මට පුලුවන් නම් උදව්වක් කරන්න.  බල්ගේරියාවෙ පුහුණු සැසියකට යන්න මාව තෝරගෙන තියෙනවා...ඒත් මට යන්න සල්ලි නෑ.  ඔලිම්පික් පදක්කමක් දිනන එක මගේ එකම සිහිනය කියලා අයියා දන්නවනෙ... ලංකාවෙ විතරක් පුහුණුවීම් කරලා එතනට එන්න බෑ...අපේ ක්‍රීඩාවල වර්තමානයේ පාවිච්චි කරන අලුත්ම තාක්ෂණය ගැන දැනගන්න  නම් මේ වගේ අන්තර්ජාතික පුහුණූවීම් වලට යන්නම ඕනෙ..

මම ඉදිරිපත් වෙලා තියෙන ක්‍රීඩා වලට අපේ රටේ ලොකු පිළිගැනීමක් නැති හින්දම මීට කලින් චීනයේ තිබ්බ පුහුණු සැසි දෙකකට ගියෙ පුද්ගලිකව අනුග්‍රාහකයො හොයාගෙන... මේ රටේ ඉන්න ඉහළම ව්‍යාපාරිකයො පස්සෙ මම ඕනෑ තරම් ගිහිල්ලා ඇති...ඒ අය මාව රස්තියාදු කලා විතරයි. අදටත් රස්සාවක් නැතුව මේ තරම් දුරට හරි පුහුණුවීම් කරගෙන ආවෙ ඔලිම්පික් පදක්කමක් දිනන්න පුලුවන් කියලා මට තියෙන විශ්වාසය නිසා..

ගිය අවුරුද්දෙ ඔක්තොම්බර් මාසෙ ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබුනා මාස තුනකට...ගුවන් ටිකට් පතේ ඉදන් හැමදේම නොමිලේ. ඒ උනාට මට වීසා ලැබුනෙ නෑ... ගියොත් ආයෙත් ලංකාවට එන එකක් නෑ කියලා...මෙහෙ හිටිය ශ්‍රීලංකා ජාතික තානාපති නිලධාරියෙක් මාව කැපුවා... ලොකු ගිවිසුමක් තිබුනා නම් යවන්න තිබුනලු... අනුග්‍රාහකයෙකු නැතුව මොන ගිවිසුම් ද... ඔන්න ඔය විදියට තමයි අපේ රටේ අය අපිට සලකන්නෙ.

මේ වෙද්දි මට ඉන්දියාව කථා කරලා තියෙනවා  ඒගොල්ලන්ගෙ රටට ක්‍රීඩා කරන්න...එහෙම ක්‍රීඩා කරනවා නම් මට මාසෙකට ලක්ෂ 5 ක වැටුපක් ගෙවන්න පුලුවන් කිව්වා....මගේ එකම අරමුණ ලංකාවට සෙල්ලම් කරන එක නිසා ඒ යෝජනාව මම ප්‍ර‍තික්ෂේප කලා, ඉරානයේ තිබ්බ ලෝක ශූරතා තරගාවලියෙන් මාව දැනගෙන  ඇමරිකාවෙ ක්‍රීඩා සමාජ දෙකක් කථා කලා ඒ අයගෙ ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරන්න... නමුත් ලංකාව නියෝජනය කරනවා නම් ඒවාට යෑම තහනම් කියලා මට යන්න දෙන්නෙ නෑ.... ක්‍රිකට් ගහන අය IPL ගිහිල්ලා සල්ලි හොයනවා වගේ එකක් තමයි ඒ අවස්ථාව,අපට සල්ලි දෙන්නෙත් නෑ...පුද්ගලික සංචාර හරි ගිහිල්ලා සල්ලි හොයාගෙන රට වෙනුවෙන් පදක්කම් දිනන්න අවස්ථාවක් දෙන්නෙත් නෑ....මටම තේරෙන්නෙ නෑ අයියෙ මම දැන් මොකද කරන්නෙ කියලා... ”

එයිනුත් මේ කොටස කියවද්දී මට හිතුනේ ඉෂාන්  කොයි තරම් රටට ආදරේ කරන කෙනෙක්ද කියන එක

“මේ වෙද්දි මට ඉන්දියාව කථා කරලා තියෙනවා  ඒගොල්ලන්ගෙ රටට ක්‍රීඩා කරන්න...එහෙම ක්‍රීඩා කරනවා නම් මට මාසෙකට ලක්ෂ 5 ක වැටුපක් ගෙවන්න පුලුවන් කිව්වා....මගේ එකම අරමුණ ලංකාවට සෙල්ලම් කරන එක නිසා ඒ යෝජනාව මම ප්‍ර‍තික්ෂේප කලා”

පෝස්ට් එක කියවපු කීප දෙනෙක් පොරොන්දුවෙලා තිබ්බා ඉෂාන් වෙනුවෙන් යමක් කරන්නම් කියලා. ගොඩක් අය ඉෂාන්ගේ පැතුම ඉටුවේවා කියලා සුභ පතලා තිබ්බා. 

සුභ පතලා කොමෙන්ට් එකක් දානවට එහා ගිය යමක් කරන්න ඕන කියන දේ මම හිතට ගත්තා. 

ෆේස්බුක් එකේ සිරාගේ පෝස්ට් එක ශෙයා කලේ “රට වෙනුවෙන් අපි යමක් කරමුද . . එක්කෙනෙක් රුපියල් 5000 ගේනේ 100දෙනෙක් සල්ලි දැම්මොත් ඉෂාන්ට ලක්ෂ පහක් හොයලා දෙන්න පුලුවන් නේද?” කියලා.

මගේ දයාබර යාලුවෝ ඥාති සහෝදරයෝ බොහෝ දෙනෙක් කැමැත්ට පලකලා ඉෂාන්ට සහයෝගය දක්වන්න. ඉෂාන්  එක්ක කතාකරද්දී පසුව ඔහු කිව්වා දැනට දෙලක්ෂ තිස්දාහක පමන මුදලක් ලැබුනානම් ඇති කියලා. කීප දිනකින් අපි එකතුකල මුදල ඔහුට ලැබෙන්න සැලැවූවා.

රුපියල් 10,000 ගානේ 18 දෙනෙක් මුදල් දුන්නා. එක් අයෙක් 20,000ක්ද, තවත් අයෙක් 17,000ක්ද තවත් අයෙක් 6,800ක්ද 3,400 බැගින් 5 දෙනෙක්ද මුදල් ලබා දුන්නා. 

ඉතාම කෙටි කලකින් අපි රුපියල් දෙලක්ශ හතලිස්දාහක මුදලක් අපි (සුභාෂ්, රවීන්ද්‍ර ලක්ප්‍රිය, යොහාන් කනිෂ්ක, රුචක - රුචා, සුදර්ෂන - මීගොඩයා, හසිත රොෂාන්, මනෝජ් හේරත්, සනුර කිත්මාල්, ජනක එදිරිසිංහ, දුෂාන් - දුමී, චමල් ශානක, මනු බුද්ධික, දමිත් ප්‍රනාන්දු,  රුචිර චින්තක, අසංක සංජය, ඩිලන්ක වික්‍රමසිංහ, සමන් එදිරිසිංහ, මහින්ද රණතුංග, සුදත් ප්‍රේමරත්න, ඉන්දික කොඩිතුවක්කු - සිංහයා, ක්සැන්ඩර් (බ්ලොග් නම ), තරංග කොල්ලුරේ, සුමුදු ප්‍රනාන්දු - සුදු මුවා, ශානක කුමාර - ඔටු ශානා, හෂිත සඳරුවන්, ප්‍රභාත් අරවින්ද ) ලබා දුන්නා

මේ මුදල් ලබාදීමේ කටයුතු කෙරෙන අතරතුර අපි (රුචා, රවී, මම ) නිතර ඉෂාන් එක්ක ස්කයිප් කතාබහ කලා. ඉෂාන් කිව්ව සමහර දේවල් ඇහුවාම ඇත්තෙන්ම ඉෂාන් ගැන පුදුම ආඩම්බරයකුත් අපේ සමහර මිනිස්සු ගැන පුදුම කලකිරීමකුත් දැනුනා. 

 ඉෂාන්ගේ බොඩි බිල්ඩින් පින්තූර දැකලා ඔහුට උදව් කරන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්න හදල තියෙනවා නමුත් ඒ අයගේ යටි අරමුන වෙලා තියෙන්නේ වෙනත් දෙයක්. හිතා ගන්න පුලුවන්නේ. පිටරටක ඉන්න හාමුදුරු කෙනෙක් පවා ඒ විදිහේ අයුතු ජෝජනා ගෙනාවා කියල ඔහු කිව්වේ හරිම හිතේ අමාරුවෙන්.

"සල්ලි වලට ආත්මය පාවා දෙන්න පුලුවන් නම් මගේ ඔලිම්පික් සිහිනය සැබෑ කරගන්න ට්‍රේනින් වලට ටුවර් යන්න මේ තරම් මහන්සි වෙන්න දෙයක් නෑ අයියේ. ඒත් මට ඒ වැඩේ කරන්න බැරි නිසයි මම අනිත් අයගෙන් උදව් ඉල්ලන්නේ මට රට වෙනුවෙන් ඔලිම්පික් මෙඩල් එකක් අරගන්න සිහිනය සැබෑ කරගන්න උදව් කරන්න කියල . . " ඉෂාන් දවසක් ස්කයිප් කතාබහකදී මට කිව්ව්වේ හරිම හැඟීම්බරව.

ඉෂාන්ගේ බල්ගේරියා සංචාරයට අපිට උදව් කරන්න පුලුවන් උනාට එතනින් පස්සේ කිසිම දෙයක් කරන්න පුලුවන් උනේ නෑ. ඔහු හැකි විදිහට මුදල් හොයාගෙන සමහර වෙලාවට නයට පවා මුදල් අරගෙන ට්‍රේනින් වලට ගිහින් තිබුනා. 

දැන් අපි හැමෝගෙම වාරේ . . ලබන සැරේ ඔලිම්පික් තරඟාවලියේදි තවත් සුසන්තිකා කෙනෙක් බිහිකරන්න දායක වීමේ සතුටේ පංගුකාරයෙක් වෙන්න අපි හැමෝටම අවස්ථාවක් ලැබිලා තියෙනවා. 

ලෝක සිතියමේ ශ්‍රී ලංකාව කියන පුංචි තිත දක්ෂයින්ගේ පිරුණු දූපතක් කියන එක ලෝකයේ මිනිස්සුන්ට දන්වන්න මේක අපිට හොඳ අවස්ථාවක් වේවි. අපි හැමෝම පුලු පුලුවන් විදිහට ඉෂාන්ට උදව් කලොත් ඉෂාන්ගේ චිත්ත ධෛ‍ය්ය ගැන හිතුවාම මේ ඔලිම්පික් සිහිනය ඔහුට සැබෑ කරගන්න පුලුවන් බවට මට ලොකු විස්වාසයක් තියෙනවා.

මේ තියෙන්නේ ඉෂාන් ට උදව් කරන්න පුලුවන් ක්‍රම:
1. ඔහු වෙනුවෙන් වියදම් කල හැකි අනුග්‍රාහකයෝ කීප දෙනෙක් සොයා දීම.
2. ඔහු හා කතාබහ කර ඔහුගේ ගිනුම් අංකය ලබාගෙන ට්‍රේනිං ටුවර් සඳහා සහභාගී වීමට ගන්නයි කියා මුදලක් ඔහුගේ ගිනුමට බැර කිරීම.
3. ඔහු ට උදව් කල හැකි අය ඉන්නවා නම් ඒ අයට ඉෂාන්ව හඳුන්වා දීම.

කොයි විදිහෙන් හෝ කමක් නෑ ඔහු වෙනුවෙන් ඔබට කල හැකි යමක් ඇත්නම් පුද්ගලයෙක් වෙනුවෙන් පමනක් කරන උපකාරයක් සේ නොසිතා රට වෙනුවෙන් රටේ නාමය ලෝකයට ගෙනයෑමේ උත්සාහයක් සේ සිතා හැකිපමනින් යමක් කරන මෙන් ඔබ සමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙන්න ඉෂාන්ගෙ දක්ෂතා ලැයිස්තුව

ජාතික වූෂු ශූරතාවයක් ජයග්‍ර‍හණය කල ලාබාලතමයා වීම... වයස අවුරුදු 17 දී ඔහු කල මේ වික්‍ර‍මය අදටත් නොබිදී පවතී. (2001)

වර්තමානයේ ක්‍රීඩා දෙකකින් ජාතික සංචිත දෙකක් නියෝජනය කරන එකම ක්‍රීඩකයා විම.

2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා දෙකක් (මල්ලව පොර/ වූෂු) නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගැනීම.

මල්ලවපොර,වූෂු, බොක්සිං ක්‍රීඩා ත්‍රිත්වයෙන්ම ජාතික පාසල් ශූරයා වීම. (2000-2003)

වාර දෙකක් ලංකාවේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස සම්මාන ලබා ගැනීම.(2002 හා 2003)

අඛණ්ඩව වසර 12 ක් තමාගේ බර පන්තියේ ජාතික වූෂු ශූරයා ලෙස තේරී පත් වීම. 65 ඛ්ග් බර පන්තියේ වර්තමාන ජාතික වූෂු ශූරයාද ඔහුය.

___________________________________________

මළල ක්‍රීඩාවට ඉෂාන්ගේ ආදරේ කොපමනද නම් ඔහු කිසිදු මුදලක් අය නොකර නොමිලේ මළල ක්‍රීඩා උපදේශකයෙකු ලෙස සේවය කරයි. සමහර අවස්තාවලදී ඔහුගේ දුප්පත් ගෝලයෝ තරඟ වලට සහභාගී වෙත්දී ඔහුගේම සපත්තු පවා ඔවුන් වෙනුවෙන් ලබා දෙන බව පැවසුවේ .  . . "ක්‍රීඩාවට ආස උනාට අපි හැමෝටම සම්පත් නෑ අයියේ . . . මගේ කොල්ලෝ මීට් එකකට යද්දී මම මගේ ඇඳුම් සපත්තු උනත් දෙන්නේ කොහොම හරි මේ ක්‍රීඩාව අපි දිගටම කරගෙන යන්න ඕන නිසා ඒ අයව වැටෙන්න දීලා බෑනේ අයියේ" 

මේ ඉෂාන් ගැන සිරා ලියපු පෝස්ට් එකෙන් කොටසක්

එකවර ක්‍රීඩා දෙකකින් රටක ජාතික සංචිතය නියෝජනය කල හැක්කේ ඔහු සැබෑම දක්ෂයෙකු නම් පමණය. ඒ අනුව ඉෂාන් අබේරත්නද සැබෑ දක්ෂයෙකි. මල්ලව පොර (Wrestling) හා වූෂු (Wushu යන ක්‍රීඩා ද්විත්වයෙන්ම ඔහු ජාතික තලය නියෝජනය කරයි. ඔහුත් මමත් එක්ව අකුරු කල විදු පියසේදී ඔහු මෙම ක්‍රීඩාවන් කෙරේ යොමු වූ අතර පාසල් වියේදීම ඔහු ප්‍ර‍කට කල අනගි භවනීය හැකියාවන් නිසාම, කවදා හෝ දිනක රටට කීර්තියක් අත්කර දෙන ක්‍රීඩයකු බවට සහෝදර සිසු කැළ අතර ඔහුට පිළිගැනීමක් ඇති විය. පාසල් ශිෂ්‍යයකුව සිටියදීම ඔහු මල්ලවපොර පුහුණුකරුවෙකුගේ භූමිකාව රගදැක්වූයේද ඒ නිසාම විය යුතුය.

වයස අවුරුදු 17 ක ශිෂ්‍යයෙකු ලෙස  1998 වසරේ සමස්ත ලංකා  මල්ලවපොර ශූරතාවය  දිනා ගනිමින් ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්  ඔහු නමින් එතැන් සිට සටහන් වූ ජාතික හා අන්තර්ජාතික ජයග්‍ර‍හණ රැසකි.
මේ ජයග්‍ර‍හණයන් නිසාමදෝ ඉෂාන්ගේ ධෛර්යය සම්පන්න සිතේ ලියලා දළු දැම්මේ අපූරු සිහිනයකි.

" කවදා හරි දවසක මම ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනලා දෙනවා" යනුවෙන් ඔහු සපථ කලේ කට කයිවාරුවකට නොව තමාගේ හැකියාවන් පිළිබද ඔහුට තිබූ තක්සේරුව නිසාවෙනි.  එහෙත් සිහින ඇති කරගැනීම තරම් ඒවා සාක්ෂාත් කරගැනීමේ ව්‍යායාමය සුන්දර නොවන බැව් පසක් කර ගන්නට ඉෂාන් ට තවත් කලක් ගත විය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව කටුනායක ඉංජිනේරු තාක්ෂණික අයතනයට  විදුලි සංදේශ ඉංජිනේරු ශිෂ්‍යයකු  ලෙස ඇතුලත් වන ඔහු තවමත් එහි දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. ඔහුගේ සමවයසේ මිතුරන් පාඨමාලාව හදාරා අවසන් කර අද ඉංජිනේරුවන් ලෙස සේවය කලත් ක්‍රීඩාවට තිබූ අසීමිත කැපවීම හා සිහිනය හඹා යෑමට ඔහු තුල තිබූ අධිෂ්ඨානය නිසාවෙන්ම අධ්‍යාපනය කැපකිරීමට ඔහුට සිදුව ඇත. එහෙත් මතු දිනයක නැවතත් අධ්‍යාපන කටයුතු ඇරඹීමට ඔහු අපේක්ෂාවෙන් සිටී...

Wushu :


Tours and Tournaments

Ø  12th South Asian Games (SAG)-2013 New Delhi- India
Ø  Lusophony Games- 2013 Goa-India
Ø  World Games -2013 Cali-Colombia
Ø  World Combat Games -2013 Saint Petersburg-Russia
Ø  Asian Martial art Games-2013 Incheon-South Korea
Ø  World Wushu Championship-2013 Kuala Lumpur - Malaysia


International Achievements
Ø  World Martial Art Festival-2012 Kish Island-Iran –Bronze Medal
Ø  South Asian Games (SAG 2010) Dhaka-Bangladesh –Silver Medal
Ø  South Asian Championship -2003 New Delhi –India –Silver Medal
Ø  World Wushu Championship -2011 Ankara-Turkey-10th Place
Ø  Asian Games – 2010 Guangzhou –China- 8th Place


Participated International Tournaments
Ø  World Wushu Championship-2003 Macao-China
Ø  Kazakhstan Championship -2012 Taraz-Kazakhstan
Ø  Super Fight League (Coach) -2012-Chandigarh –India


International Training
Ø  Successfully completed Wushu training scholarship of Shanghai Sports University- Shanghai- China (2002)                    
Ø  Successfully completed Wushu training scholarship of Shi-Sha-Hai Sports Training University- Shanghai-China (2011)
   
ඉෂාන් පිළිබද පුවත් පත් වාර්තා



කරුනු සහ පින්තූර උපුටා ගැනීම සිරාගේ කාමරේ බ්ලොග් අඩවියෙනි.

ඉෂාන් සම්බන්ධ කරගත හැකි අන්දම

ජංගම දුරකථන අංකය - 0719 129678

ලිපිනය - 38-C, කොරසෙ, උඩුගම්පොල.

ඔහුගේ Facebook පිටුව

17 comments:

  1. මචං උඹ කවදත් කරන වැඩ වගේ මේකත් බොහොම වටින සත් කාර්යයක් .. වැඩේ සාර්ථක වෙයි...

    ඒත් මේකෙ තියෙන ඛේදවාචකය බලහං... මෙච්චර අනිවාරතේ ජාතික (ධ)නය එක එකාගෙ ෆැන්ටසි වලට කාබාසිනිය කරන රටේ... මේ කොල්ලට අනිවාරයයෙන් ලැබෙන්න ඕන දේ ලැබෙන්නෙ නැති හැටි....

    ReplyDelete
  2. තවම ආදායමක්වත් එහෙමට වැඩගත් මනුස්සයෙක්වත් දන්නෙ නැති හින්දා සුභ පතන එක තමයි මටනං කරන්ඩ වෙන්නේ.

    ReplyDelete
  3. මම යැපෙන්නෙක් අයියේ. මම කොහොම උදව් කරන්න ද ? සමාවෙන්න. මං දන්නවා මෙහෙම කමෙන්ටුවක් බලාපොරොත්තු නොවන වග. ඔයාට ගොඩක් පිං මෙයාට උදව් කරන එක ගැන. මම මේ ගැන පබ්ලික් කරන්නම් මට පුළුවන් විදියට. එතනින් එහාට දෙයක් මට දෙන්න ශක්තියක් නෑ.. :(

    ReplyDelete
  4. බ්ලොග් වලින් රටටත් සමාජයටත් වැඩක් කරන්න පුළුවන් කියල මේකෙන්ම ඔප්පු වෙනවා. :) Hatz off 4 u දුකා

    ReplyDelete
  5. Ishan,
    Oyata anda gahana ratakata gihin diyunu wenna balanna.
    Ape ratey udawu karanna kawuruth na. Dakshaingen rata
    Didulanna met rata kamarhi na. Oya kellek una nam udawu wata parliament eke kattiya polimey evi;)
    Oyata udawu karapu hamotama mage subapathum.

    ReplyDelete
  6. පුලුවන් කමක් තිබ්බා නම් පොඩි හරි සප් එකක් දෙනවා මචං ..

    ReplyDelete
  7. දුකා....මම ඉශාන්ට කතා කරා.මගෙන් කරන්න ඕන සුළු කොටස කරන්න එයාගේ එකවුන්ට් නම්බර් එක එනකම් බලන් ඉන්නවා.උඹටත් සිරාටත් ස්තූතියි.

    ReplyDelete
  8. දුකා අයියට හිස නමා ආචාර කරනවා...නැවත වතාවක් හිතමිත්‍ර ඉෂාන් වෙනුවෙන් උදව් කරන්න එකතු වීම සම්බන්ධයෙන්...අපි හැමෝම එකතු වෙලා ලෝකය පුරා ඉන්න ශ්‍රීලාංකිකයන් වෙත මේ පණිවිඩය සන්නිවේදනය කරමු...දැනටම ලෝකය වටේට විසිරිලා ඉන්න අපේ පාසලේ ආදි ශිෂ්‍යයො ඉෂාන්ට උදව් කරන්න සංවිධානය වෙමින් ඉන්නෙ. ඉෂාන් මේ විදියට දුක් විදලා රටට පදක්කමක් ගෙනාපු දවසක...කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි රතු පලසින් ඔහුව පිළිගන්නා අවස්ථාවට...ඔහු වෙනුවෙන් තඹ දොයිතුවක මෙහෙයක් නොකල දේශපාලුවො සහ ක්‍රීඩාව කාබාසිනියා කරන හාල්පාරුවෝ කන ලගට පුලුල් වූ සිනාවක් සමග එකතු වන බව නම් මට හොදටම විශ්වාසයි...ඉෂාන්ට ජය !

    ReplyDelete
  9. නියමයි දුකා.... සිරා වැඩක් ..

    ReplyDelete
  10. pivisenna http://videotutorialslk.blogspot.com/

    ReplyDelete
  11. දුකා අයියගේ මේ වැඩ ගැන තියෙන්නෙ පුදුම ගෞරවයක්. සමාවෙන්න මමත් තාම කන්නෙ බොන්නෙ දෙමාපියන්ගෙ සල්ලි වලින් :( තව ඉස්සරහ දවසකදි මේ දේවල් වලට දායක වෙන්න මට පුලුවන් වෙයි. එතෙක් මං මේක දන්න අයට කියන්නම්

    ReplyDelete
  12. දුකා.....ඉශාන් වෙනුවෙන් මම යුතුකම ඉටුකෙරුවෙමි.

    ReplyDelete
  13. උඹ මේ වගේ දේවල් මහන්සිවෙලා ලියල නිකන් පැට්‍රල් පුච්චගන්නව, අන්තිමට කමෙන්ට් 13යි. ඒකට බලහන් අර පොළු අභිය කියන්නහෙ හොඳ නැගල යන පෝස්ට් එකක් දාහන්කො කතන්දර කාරය ගෑණිගෙ ඔලුවෙ උකුල තියන් ආව වගේ.

    ReplyDelete
  14. ඉෂාන් වෙනුවෙන් හැකි පමනින් යමක් කල අය හැමෝටම මගේ උපහාරය. විශේෂයෙන් අරූගේ අඩවියේ සහෝට. මේ ටිකේ මාව ඩුබායි වල අලුත් ඔෆිස් එකකට මාරු කරලා නිසා බ්ලොග් ෆේස්බුක් වලට වැඩිය වෙලාවක් නෑ. ටිකක් නිදහස් වුනු ගමන් ඉෂාන් වෙන්වෙන් යමක් කරන්න පුලුවන් අය හොයලා පුද්ගලිකව කතා කරන්න මම හිතාගෙන ඉන්නේ එතකන් පුලුවන් හැම කෙනෙක්ම ඔහු වෙනුවෙන් යමක් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  15. මචන් මොකද ලියන්නෙ නැත්තෙ.

    ReplyDelete
  16. මචන් මොකද ලියන්නෙ නැත්තෙ.

    ReplyDelete
  17. සාගර
    මේ දවස්වල මම ලංකාවේ රස්සාවක් කරනව වගේ අප්පා . . උදේ පාන්දර ගෙදරින් ගිහින් මහ රෑ ගෙදර එන්නේ . . මාව මේ ටිකේ ඩුබායි ඔෆිස් එකකට මාරු කරල ටික කාලෙකට . . ඉතිං උදේට කි.මී. 150යි හවසට කි.මී. 150යි ඩ්‍රයිව් කරලා එප්පා වෙල ඉන්නේ බන්

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails