Monday, August 3, 2009

විවාහය !


සසර පුරා දිගු ගමනක් යන්නට . . .

අත්වැල කනවැල වෙමි මම දවසක . . .

දුක්විඳි පෙර කල සිහිනයක්ම මැයි. . .

සතුටු සිනා ඇත්තේ හෙට පෙර මඟ . . .

ළමා ළපැටියන් දෑතින් අල්ලා . . .

සිනා සිසී අපි යමු ඒ මල් මඟ . . .

බැඳුනේ දෑඟිලි දෙගුරුන් අසිරින් . . .

වැලපෙන්නට නොව මේ ලෙස ළසොවින් . . .

මා . . ද ඔබම වන . . . ඔබද මා. . ම වන . .

අපට අපව අපි . . . අප ලෙස දැකි හැකි . . .

සිනා පිරි හදින් දවසක් අරඹන . . .

දවස කොයි තරම් දුරකද කිව මැන . . . !

13 comments:

  1. නියම සිතුවිල්ලක්..
    ඒ දවස උඹට ළඟම එයි දුකෝ ! (එයා මේක කියවපු ගමන්)

    ReplyDelete
  2. මමත් ඔය දවස තවම මගේ කැලැන්ඩරයේ හොයනවා දුකා...

    ReplyDelete
  3. @ මුචලින්ද !

    එයාට මේක කියවන්න දෙන්න විදිහක් නෑ නේ කොල්ලෝ . . . . මොනා කරන්නද . . . දුක තමයි . . . හික්ස් !

    ReplyDelete
  4. @ LishWish !

    උඹටවත් ඒ දවස ඉක්මනට හොයා ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්නම් . . . !

    ReplyDelete
  5. මගේ කැලැන්ඩරේ ඒ දවස මාර්ක් කරපු කොලේ ගැලවීලා හරි ගලවලා කවුරු හරි...

    ReplyDelete
  6. දුක් නොවන් දුකෝ.. ඉක්මනින් එයි.

    ReplyDelete
  7. සිත කියන් නෙ පුදුම දෙයක්.හිත හිත ඉදල වැඩක් නැ දුකා try කරන 1 තමා හොද

    ReplyDelete
  8. @ malee_msg, Dushan !

    ම් ම් ම් හෙට හොඳවෙයි කියල හිත හදාගෙන ඉමු නේද . . .

    වැඩේ කියන්නේ . . . ඇත්ත මේක යි කියලා කියන ඇත්ත පිලිනොගන්න එක කමක් නෑ කියල හිතුවත් . . . හිතට දැනෙන ඇත්ත . . . ඇත්ත කියල පිලිගන්න අපේ හිත් . . නම්‍යශීලී නොවෙන එකට ඉතිං මොකද කරන්නේ . . .

    කාලයා තමයි හොඳම පිළිතුරු දෙන්නා කියලා හිතාගෙන බකං නිලාගෙන හිටියොත් . . . කාලයා පිලිතුරු දෙන දවස එනකොට . . . ටූ ලේට් උනොත් . . .තමයි අපරාදේ . . .

    ReplyDelete
  9. @ -බිன்ku- !

    පරක්කු කර කර ඉන්න එපා . . . ඉක්මනට හොයා ගන්න ඒ කොලේ . . .

    ReplyDelete
  10. මට කෙනෙක් හෙමින් හෙමින් කිව්වා අලුත් කැලැන්ඩරයක් දෙන්නම් කියලා ලබන අවුරුද්දට...එතෙක්...(මතු සම්බන්ධයි)

    ReplyDelete
  11. දිනේ නම් පහු උනා.ඒත් වැඩේ කෙරුනේ නෑ.දැනට නම් හිතෙන්නේ ආයේ ඒ දිනේ එන්නේ නැතිවෙයි කියලා.

    ReplyDelete
  12. meken kiyanne thaman pem kala kena nolabee , demapiyan sanasanna wiwaha wee duk widina kenek ganada?

    ReplyDelete
  13. @ Anonymous !

    නෑ නෑ . . මේකෙන් කියන්නේ සතුටින් ඉන්න හැකියාව තිබෙද්දිත් . . . එකිනෙකා . . . හඳුනාගන්න නොහැකියාවෙන් . . . දුක්විඳින . . . දෙදෙනෙකු ගැන . . . !

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails